අභියාචනාධිකරණයෙන් දෝෂාභියෝග වාර්තාව අහෝසි කිරීමේ නියෝගයක්.

Monday, 07 January 2013 - 18:42

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබාදුන්  වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (07) රිට් ආඥාවක් නිකුත් කළා. දෝෂාභියෝග වාර්තාවට එරෙහිව අගවිනිසුරුවරිය ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණයේ දී අද (07) සලකා බැලූණේ එහි සභාපති ශ්‍රී ස්කන්ධ රාජා, අනිල් ගුණරත්න, ඒ.ඩබ්ලිව්.ඒ. සලාම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයට අනුව තේරීම් කාරක සභාවට නීතිමය බලයක් නොමැති බව පවසමිනුයි මෙම වාර්තාව අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත්තේ.

 

පෙත්සම අද (07) විභාගයට ගත් අවස්ථාවේදී වග උත්තරකරුවන් අතරින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ දෙමළ සන්ධානයේ ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා වෙනුවෙන් නීතීඥ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රිවරයා අධිකරණයේ පෙනී සිටියා. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු අද (07) අභියාචනාධිකරණයට පැමිණ සිටියේ නැහැ.

 

නීතිපති පාලිත ප්‍රනාන්දු අද (07) අභියාචනාධිකරණයේ පෙනී සිටි අතර, ඔහු කියා සිටියේ යම්කිසි පාර්ශවයකට එරෙහිව චෝදනා විභාග කරද්දී එම පාර්ශවය එම නඩුවට මැදිහත් නොවිය යුතු බවයි. විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණයට එරෙහිව චෝදනා විභාග කරද්දී ද එසේ ක්‍රියා කළ යුතු බව නීතිපතිවරයාගේ අදහස වුණා. මේ නිසා අභියාචනාධිකරණයට මෙම නඩුව ගෙන යාම සඳහා බලතල නොමැති බව ද නීතිපතිවරයා සඳහන් කළා.

 



ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරම් පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් ලබාදුන් පසු එය රටේ නීතියක් බවට පත්වන බවයි. එම අර්ථ නිරූපණය උල්ලංගණය වුවහොත් රට ජාත්‍යන්තර වශයෙන් අරාජික විය හැකි බව ද ඔහු කියා සිටියා.

 

 අගවිනිසුරුවරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා අභියාචනාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.

 

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව නීතිඥවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කළා.

 

දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් දැක්වූ අදහසයි මේ.

 

[MP3]s50998_1[/MP3]

 

නීතිඥ බී. මානවඩු ද මෙසේ අදහස් දැක්වූවා.

 

[MP3]s50998_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories