පාසල් පෙළ පොත් 1050ක් ගම්පොළින් අල්ලයි.

Tuesday, 08 January 2013 - 7:52

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+1050%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

පාසල් පෙළ පොත් මුදලට විකුණු පුද්ගලයෙකු පෙළ පොත් 1050ක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මෙම පුද්ගලයා ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ පිහිටි වෙළඳ සැලකදී මෙලෙස ඊයේ (06) අත්අඩංගුවට ගත් බවයි. මොහු  පළමු වසරේ සිට 11 වන වසර දක්වා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් මුද්‍රණය කළ පෙළ පොත් විකුණා ඇති බව සදහන්. සැකකරු අද ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මීට පෙර අවස්ථාවකදී ද තංගල්ල ප්‍රදේශයෙන් පෙළ පොත් තොගයක් සොයා ගනු ලැබුවා.

 

මේ අතර, ගුරු මාරු ප්‍රතිපත්තිය මේ වසර ඇතුළත අනිවාර්යෙන්ම නිවැරදි ආකාරයෙන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

[MP3]s51016_1[/MP3]

 

පාසල් ළමයින්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන මේ මස 18 වැනිදා ආරම්භ කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

 
[MP3]s51016_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories