දෝෂාභියෝග විවාදය ආපසු හැරවීමට තුන් වන පාර්ශවයකට බැහැ. - නි. කථානායක.

Tuesday, 08 January 2013 - 7:58

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A.

අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබාදුන්  වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණය ඊයේ (06) රිට් ආඥාවක් නිකුත් කළා. මෙම රීට් ආඥාව නිකුත් කිරීම පිළිබදව විවිධ පාර්ශව දරන්නේ විවිධ මතයි. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති කටයුත්තක් ආපසු හැරවීම සඳහා බලපෑම් කිරීමට තුන්වන පාර්ශවයකට නොහැකි බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි පවසනවා. ඔහු කියා සිටියේ දින නියම කර ගත් පරිදි මේ මස 10 සහ 11 යන දිනවල දෝෂාභියෝග වාර්තාව විවාදයට ගැනෙන බවයි.

 

[MP3]s51018_1[/MP3]

 

දෝෂාභියෝග වාර්තාව අභියෝගයට ලක් කරමින් අගවිනිසුරුවරිය ගොනු කළ පෙත්සමේ තීන්දුව අභියාචනාධිකරණ විසින් ලබාදීමෙන් පසුව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අධිකරණ තීන්දුවට ගරු කරමින් පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

 

[MP3]s51018_2[/MP3]

 

මෙම පෙත්සමට අදාළව නීතිපති පාලිත ප්‍රනාන්දු ද ඊයේ (06) අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර, අධිකරණ තීන්දුව ලබාදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නීතිඥ බී. මානවඩු කියා සිටියේ මෙම තීන්දුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයන්ට සිය කටයුතු කරගෙන යාම සඳහා බාධාවක් නොවන බවයි.

 

[MP3]s51018_3[/MP3]


දෝෂාභියෝග තේරීම් කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව පිළි නොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක පවසනවා.

 
[MP3]s51018_4[/MP3]

 

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය කොළඹ ඊයේ (06) පැවැත්වූ රැළියකට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් කියා සිටියේ අධිකරණය ලබාදුන් තීන්දුව  පිළිනොගන්නේ නම් එය ව්‍යවස්ථාව පිළිනොගැනීමක් ලෙස සැලකිය හැකි බවයි.

 

[MP3]s51018_5[/MP3]

 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ස්වාධීන තරුණ නීතිඥ සංගමය කොළඹ ඊයේ (06) දැක්වූයේ මෙවන් අදහසක්.

 
[MP3]s51018_6[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories