දිවිනැගුම පනත් කෙටුම්පත ගැන විවාදය අද. - ජවිපෙ, ටී.එන්.ඒ. විරුද්ධ වෙයි.

Tuesday, 08 January 2013 - 8:00

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%2C+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

දිවිනැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීම පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (07) තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට රජය සූදානම් වනවා. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති පරිදි දිවිනැගුම පනත් කෙටුම්පත පිළිබද වූ සංශෝධන 12න් 10ක්ම රජය පිළිගෙන ඇති අතර එම සංශෝධන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ දී සිදුකිරීමට නියමිතයි. ඉතිරි සංශෝධන දෙක තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට රජය කටයුතු යොදා තිබෙනවා. දිවිනැගුම ප්‍රජාමූල සංවිධානවල බලතල සහ දිවිනැගුම ප්‍රාදේශීය සංවිධානවල බලතල ඒ අයුරින්ම ග්‍රාමීය මරණාධාර සමිති වැනි ප්‍රජා සංවිධානවල දැනටමත් ක්‍රියාත්මක බැවින් ඒවා සංශෝධනයට ලක් නොකිරීමට රජය තීරණය කර ඇති බව සඳහන්. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි.

 

[MP3]s51019_1[/MP3]

 

කෙසේ වෙතත්, දිවිනැගුම පනත් කෙටුම්පතට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය දැනටමත් තීරණය කර අවසන්. දෙමළ ජාතික සන්ධානය ගෙන ඇති තීරණය පිළිබද පැහැදිලි කරන එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්.

 

[MP3]s51019_2[/MP3]

 



දිවිනැගුම පනත් කෙටුම්පත පිළිබද කාරක සභා අවස්ථා විවාදයට එක්සත් ජාතික පක්ෂය අද (07) සහභාගි වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. එමෙන්ම දිවිනැගුම පනත් කෙටුම්පතට ජන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසය ද ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

මේ අතර, දිවිනැගුම පනතට සහාය පළ කරමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය පාර්ලිමේන්තු වටරවුමේ අද (07) දහවල් උද්ඝෝෂණයක් සංවිධාන කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර.  

[MP3]s51019_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories