දිවිනැගුමට මුස්ලිම් කොංග්‍රසයේ සහාය.

Tuesday, 08 January 2013 - 12:26

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA.

දිවිනැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීම පිළිබද පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී විවාද කර අද (08) පස්වරුවේ සම්මත කර ගැනීමට නියමිතයි. දිවිනැගුම පනත් කෙටුම්පත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සංශෝධන 12න් 10ක් රජය පිළිගෙන ඇති අතර ඒවා කාරක සභා අවස්ථාවේදී විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. 
 

දිවිනැගුම පනත් කෙටුම්පතට සහාය පළකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද (08) ප්‍රකාශ කළා. එහි ජාතික සංවිධායක ෂෆීක් රජබ්දීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මුස්ලිම් කොංග්‍රසය ද දිවිනැගුම කෙටුම්පතට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර තිබූ බවයි. ඒවාට ආණ්ඩුව එකඟතාවය පළ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා. මේ නිසා දිවිනැගුම පනත් කෙටුම්පතට සහාය දක්වන බවයි ඔහු කියා සිටියේ.

 
කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය තීරණය කර අවසන්. එක්සත් ජාතික පක්ෂය දිවිනැගුුම විවාදයට එක්වීමට දැනටමත් තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ වන විට සාකච්ඡාවක නිරත වන්නේ පනත් කෙටුම්පත සඳහා ඡන්දය භාවිත කිරීම පිළිබදව අවසන් තීරණයක් ගැනීමටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories