දෝෂාභියෝග විවාදයක් එපා. - එජාපය.

Tuesday, 08 January 2013 - 12:27

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

දෝෂාභියෝගය විමර්ශනය සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව තේරීම් කාරක සභා වාර්තාව අහෝසි වීම ඊට හේතුව බවයි කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ.

 

[MP3]s51041_1[/MP3]                                                      

 

දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරන්නේ විපක්ෂය සමග සාකච්ඡා කර මේ පිළිබද අවසන් තීරණයක් ගන්නා බවයි. ඒ පිළිබද අදහස් දක්වන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්.

 

[MP3]s51041_2[/MP3]                                             

 

දෝෂාභියෝග තේරීම් කාරක සභා වාර්තාව සම්බන්ධයෙන් වන විවාදයට සහභාගිවීම සහ ජන්දය භාවිත කිරීම පිළිබදව ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙතෙක් තීරණයක් ගෙන නැහැ. එහි ප්‍රකාශකයින් සදහන් කළේ තම පක්ෂවල නියෝජිතයින් හෙට (09) රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බවයි.

 

කෙසේ වෙතත්, දෝෂාභියෝග විමර්ශන තේරීම් කාරක සභා වාර්තාව සම්බන්ධයෙන් ලබාදී ඇති අධිකරණ තීන්දු පිළිබදව ගැටළු පවතින බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ඒ පිළිබදව අදහස් දක්වන ජනමාධ්‍ය සහ තොරතුරු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල.

 
[MP3]s51041_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories