කැළණියේ මන්ත්‍රී ඝාතනයේ සැකකරුවන් ගිනි අවි සමග අත්අඩංගුවට.

Tuesday, 08 January 2013 - 12:28

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හසිත මඩවලගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු ඇතුළු 5 දෙනෙකු පොලීසිය අද (08) අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළේ සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය සඳහා යොදා ගන්නා ලද මිලිමීටර් 9 වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක්, පතොරොම් 2ක්, යතුරුපැදියක් සහ මුහුණු ආවරණය වන හෙල්මට් දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. එසේම ටී - 81 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, මැගසීන් දෙකක්, එම උණ්ඩ 48ක් සහ ත්‍රීරෝද රථයක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා. මෙම සැකකරුවන් සියලූ දෙනා කැළණිය සහ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඒ පිළිබදව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි.


[MP3]s51042[/MP3]
 

කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල කැළණිය වරාගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට වෙඩි ප්‍රහාරයට ලක්වූයේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories