අගවිනිසුරුවරියගේ නිල නිවස ඉදිරිපිට විරෝධතා සත්‍යග්‍රහයක්. ජගත් සංවිධානයටත් ලිපියක්.

Tuesday, 08 January 2013 - 19:17

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

කොළඹ - බෞද්ධාලෝක මාවතේ පිහිටි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ නිල නිවස ඉදිරිපිට ගෝල්ඩන් කී තැන්පත්කරුවන් අද සත්‍යග්‍රහයක් ආරම්භ කළා. තමන්ට සිදුව ඇති අසාධාරණය ගැන මහජනතාව සහ පාලකයින් දැනුවත් කරමින් ගෝල්ඩන් කී තැන්පත්කරුවන් අද පා ගමනකද නිරත වුණා. එය තිඹිරිගස්යායෙන් ආරම්භ වී බෞද්ධාලෝක මාවත ඔස්සේ ගමන් කළ අතර තානාපති කාර්යාල කිහිපයකට සංදේශද භාරදුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට මෙන්ම චීන තානාපති කාර්යාලයට සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට මෙම සංදේශ භාරදී තිබෙනවා.  තම විරෝධතාව පිළිබඳ කරුණු පැහැදිළි කරන ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ ඒකාබද්ධ සංගමයේ සම සභාපති වසන්ත ගුණතිලක.

[MP3]s51067_1[/MP3]

නීතීඥ එකමුතුවද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එම මාධ්‍ය හමුවට එක්වූ නීතීඥ ජයම්පති කරුණාරත්න සඳහන් කළේ දෝෂාභියෝග වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට විරෝධය පළ කරමින් 10 වැනිදා උද්ඝෝෂණ පා ගමනක් ආරම්භ කරන බවයි.

දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන දෙදින තුළ තමන් අධිකරණ ක්‍රියාවලියෙන් ඉවත්ව සිටිමට තීරණය කර ඇති බව මාතර නීතීඥ සංගමය සඳහන් කළා. මේ, ඒ පිළිබඳ පැහැදිලි කරන එම සංගමයේ සභාපති නීතීඥ කපිල මනම්පේරි.

[MP3]s51067_2[/MP3]           

කළුතර - නාගොඩ අද පැවති රැස්වීමකදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ ඉතිහාසය පිළිබඳ මෙසේ පැහැදිළි කළා.

[MP3]s51067_3[/MP3]

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය මේ මස 10 සහ 11 යන දිනයන්හි පැවැත්වෙන දෝෂාභියෝග වාර්තාව පිළිබඳ විවාදයට සහභාගිවීමට තීරණය කර තිබෙනවා. අද උදෑසන පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී එම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  දෙමළ ජාතික සන්ධානය එම විවාදයට සහභාගිවීම පිළිබඳ හෙට දිනයේ තීරණය කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේන්ද්‍රන් කියා සිටියා. ජනතා විමුක්ති පෙරමුණ දෝෂාභියෝග විවාදයට සහභාගිවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. කථානායකවරයා සමග හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව විජිත හේරත් මන්ත්‍රිවරයා සඳහන් කළා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීද දෝෂාභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කළ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ.

[MP3]s51067_4[/MP3]       

ආනමඩුව - ආඬිගම දී අද පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ අධිකරණ ක්ෂේත්‍රයේ ඇතමුන් තම සීමාව පිළිබඳව අවබෝධයක් නොමැතිව කටයුතු කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.
 
[MP3]s51067_5[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories