කැළණිය මන්ත්‍රීගේ අවසන් කටයුතු අද.

Wednesday, 09 January 2013 - 7:33

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%AF.

වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ගේ අවසන් කටයුතු කැළණිය - පිලපිටිය පොදු සුසාන භූමියේ දී අද (09) සිදු කෙරෙනවා. අවසන් ගෞරව සඳහා අද (09) පෙරවරුවේ මන්ත්‍රීවරයාගේ දේහය කැළණිය ප්‍රාදේශීය සභාව වෙත ගෙන යාමට ද නියමිතයි. සිය නිවස ඉදිරිපිට දී වෙඩි ප්‍රහාරයට ලක්ව හසිත මඩවල මන්ත්‍රීවරයා මිය ගියේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේදියි. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු ඊයේ ගිනි අවි ද සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. ඊට එක්වූ එහි සභාපති ප්‍රසන්න රණවීර මෙලෙස අදහස් පළ කළා.

[MP3]s51083_1[/MP3]                                          

මාධ්‍ය හමුවට එක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිතකුමාර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට මෙලෙස චෝදනා එල්ල කළා.

[MP3]s51083_2[/MP3]                                           

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩිගෙන් විමසීමක් කළා. ඊට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරක්.

[MP3]s51083_3[/MP3]

මේ අතර, ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවලගේ අවසන් කටයුතු යෙදෙන අද (09) දිනයේ දී කැළණිය ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට ද කටයුතු යොදා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories