දෝෂාභියෝග විවාදය ගැන අද හදිසි පක්ෂ නායක රැස්වීමක්.

Wednesday, 09 January 2013 - 7:38

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (09) දහවල් පැවැත්වීමට නියමිතයි. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සඳහන් කළේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විවාදයට ගැනීම පිළිබදව මෙහිදී සාකච්ඡා කරන බවයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු විරුද්ධ පක්ෂයේ නායකයින් ඊයේ (08) කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ දෝෂාභියෝග යෝජනාව විවාදයට ගැනීම පිළිබදව නැවත සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසයි. එම ඉල්ලීමට අනුව මෙම පක්ෂ නායක රැස්වීම අද (09) දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙනු ඇති. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග විවාදයට හෙට සහ අනිද්දා පැවැත්වීමට දැනට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, අද (09) පැවැත්වෙන සාකච්ඡාව පිළිබදව පැහැදිලි කරන නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි.

 [MP3]s51085[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories