ගුරු මාරු අක්‍රමිකතාවලට විරුද්ධව ගුරු සංගමයක් අධිකරණයට.

Wednesday, 09 January 2013 - 12:42

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%80+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.



ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන්ට මාරුවීම් ලබාදීමේදී විශාල අක්‍රමිකතා සිදුව ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පවතින ගුරු මාරු ප්‍රතිපත්තිය මේ තුළින් උල්ලංඝනය වී ඇති බවයි. අසාධාරණයට ලක්වු ගුරුවරුන්ට සාධාරණයක් ඉටු නොවුනහොත් එයට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද ඔහු කියා සිටියා.

[MP3]s51108_1[/MP3]

නමුත් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මේ වසර ඇතුළත නිවැරදි ආකාරයෙන් අනිවාර්යයෙන්ම මෙම ගුරු මාරු සිදුකරන බවයි.

[MP3]s51108_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories