මරණය හිමිවූ රිසානා වෙනුවෙන් පාර්ලිමේන්තුවත් නිහඬ වෙයි.

Wednesday, 09 January 2013 - 18:55

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට අද මරණ දඬුවම ක්‍රියාත්මක කර කෙරුණා. දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා බොහෝ මිනිසුන් ඇයගේ නිදහස පිළිබඳ ප්‍රාර්ථනා කළා. එහෙත් සෞදි අරාබියේ රියාද් නුවරින් අද ලැබුණු තොරතුරුවල සඳහන් වුණේ රිසානාට නියමවී තිබූ මරණ දඩුවමට අනුව ඇය අද දිනයේ ගෙළ කපා මරණයට පත්කර ඇති බවයි.

 

රිසානාට හිමිවූ මරණ දඩුවම පිලිබඳ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දැක්වූවා.

 

[MP3]s51129_1[/MP3]

 

කෙසේ වෙතත් රිසානාට මරණ දඬුවම හිමිවීමට පෙර පාර්ලිමේන්තුවේදී අද කථා කළ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මෙවැනි අදහසක්ද පළ කර සිටියා.

 

[MP3]s51129_2[/MP3]                      

 

එහෙත් සෞදි බලධාරීන් විසින් රිසානා නෆීක්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ පුවත වාර්තාවීමත් සමග පාර්ලිමේන්තුව තුළ විනාඩියක නිහැඩියාවක් පවත්වා ඒ පිළිබඳ ශෝකය පළ කිරීමට තීරණය කෙරුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

 

අද පස්වරුවේ විෂය භාර අමාත්‍ය ඩිලාන් පෙරේරා රිසානා නෆීක්ගේ සිද්ධිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළා. ඒ පිළිබඳ පැහැදිළි කරන හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ශානුක කරුණාරත්න.

 

[MP3]s51129_3[/MP3]                 

 

තම පවුල දුප්පත්කමෙන් ගොඩගැනීම සඳහා අඩු වයසින් විදේශ රටක ගෘහ සේවිකාවක ලෙස සේවයට ගිය රිසානා නෆීක් නැමති ශ්‍රී ලාංකීය දියණිය රිසානා නෆීක් බේරා ගැනීමට නොහැකි වුවත් ඒ වෙනුවෙන් දියත් වූ සටන අප මෙලෙස සිහිපත් කරමු.

 

[MP3]s51129_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories