නීතීඥවරුන් හෙට සහ අනිද්දා රාජකාරිවලින් ඉවතට.

Wednesday, 09 January 2013 - 19:17

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

දෝෂාභියෝග වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන හෙට සහ අනිද්දා යන දෙදින තුළ සියලූ රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට ශ්‍රී ලංකාව පුරා සිටින නීතීඥවරුන් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කළේ අදාළ ක්‍රියාවලියට විරෝධය පළ කිරීම එහි අරමුණ බවයි. මේ පිළිබඳව දැනටමත් තම සියලූ දිස්ත්‍රික් නීතීඥ සංගම් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියා සිටියා.

 

මේ අතර අද අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ නීතීඥ සාලිය පීරිස් අගවිනිසුරුවරියට එරෙහි චෝදනා පිළිබඳව කරුණු දැක්වීමක් සිදුකළා.

 

[MP3]s51137_1[/MP3]

 

ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙලෙස අදහස් පළ කර සිටියා.

 

[MP3]s51137_2[/MP3]

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී දෝෂාභියෝගය පිළිබඳව අදහස් පළ කළා. එහිදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළේ රටේ සියලූ පුරවැසියන්ට නීතිය එක හා සමානව ක්‍රියාත්මක වන බවයි.

 

[MP3]s51137_3[/MP3]

එක්සත් ජාතික පක්ෂය අද පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලද දෝෂාභියෝගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

 
[MP3]s51137_4[/MP3]

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන තේරීම් කාරක සභාව සිදුකර ඇත්තේ විමර්ශනයක් පමණක් බව අවධාරණය කළා.

 

[MP3]s51137_5[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories