නීතීඥ වර්ජනයෙන් අධිකරණ කටයුතුවලට බාධා.

Thursday, 10 January 2013 - 12:49

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F.

දෝෂාභියෝග වාර්තාව පිළිබඳ අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට විරෝධය පළකරමින් නීතීඥවරුන් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වීම නිසා අද දිනයේ අධිකරණ කටයුතු ඇණ හිට තිබෙනවා. හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ දිවයිනේ බොහෝ අධිකරණවල අද දිනයේ කැඳවීමට නියමිතව තිබූ නඩු පසුවට කල් තැබීමට විනිසුරුවරුන් පියවර ගත් බවයි.

කෙසේ වෙතත් අනුරාධපුර මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණවල සේවය කරන විනිසුරුවරුන් නීතීඥවරුන් ආරම්භ කර ඇති වර්ජනයට සහය පළ කරමින් අද දිනයේ අධිකරණ කටයුතුවල නිරතවීමෙන් වැළකී සිටි බව අනුරාධපුර හිරු අධිකරණ වාර්තාකරු උපාලි ආනන්ද ප්‍රකාශ කළා.

[MP3]s51171_1[/MP3]

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණවල කටයුතුවලටද අද දිනයේ බාධා එල්ලවූ බවයි හිරු වාර්තාකරු සනත් පතිරණ සඳහන් කළේ.

[MP3]s51171_2[/MP3]

නීතීඥවරුන් සේවයට වාර්තා නොකිරීම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණවල කටයුතු ද ඇණහිටියා. මේ ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන  හැටන් හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ.

[MP3]s51171_3[/MP3]

උතුරු පළාතේ අධිකරණවල කටයුතු ද අද දිනයේ අඩාල වුණා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළ වවුනියාව හිරු වාර්තාකරු සනත් ප්‍රියන්ත

[MP3]s51171_4[/MP3]
 
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (10) දිනයේ අධිකරණ කටයුතුවල නිරතවීමෙන් වැළකී සිටීමට ගෙන ඇති තීරණයට සහය දැක්වීමෙන් වැළකී සිටින බව ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංවිධානය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories