පිල්ලේගේ ප්‍රමාදයට ජී.එල්ගෙන් ප්‍රතිචාර

Thursday, 10 January 2013 - 13:02

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB



ජගත් සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය ප්‍රමාදවීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රතිචාර දක්වා තිබෙනවා. විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ලක් රජය මහ කොමසාරිස්වරියට ආරාධනා කළද ඇය මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි. මීට මාස 11 කට පමණ පෙර ඊට අදාළ ආරධනාව සිදුකළ බවද විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එහිදී නවනීදන් පිල්ලේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නම් කොන්දේසියක් පනවනු ලැබුවා. එම කොන්දේසිය ඉතා සාර්ථකව ලක් රජය විසින් ඉටුකර ඇති බවද විදේශ අමාත්‍යවරයා කියා සිටියා. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් සභාව තම නිර්දේශ ඉදිරිපත් කිරීම මගින් එම කොන්දේසිය සාර්ථකව ඉටුකර ඇති බවද විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ජගත් සංවිධාන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ලක් රජය තවදුරටත් අපේක්ෂාවෙන් පසුවන බවද විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories