නීතිඥ වර්ජනයෙන් උසාවි කටයුතුවලට බාධා.

Thursday, 10 January 2013 - 19:11

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F.

දෝෂාභියෝග වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට විරෝධය පළකරමින් නීතීඥවරුන් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වීම නිසා අද (10) දිනයේ ඇතැම් අධිකරණවල කටයුතුවලට බාධා සිදුවූ අතර බොහෝ අධිකරණවල කටයුතු බාධාවකින් තොරව පැවැත්වුණා.

 

කොළඹ මහාධිකරණයේ කටයුතු බාධාවකින් තොරව සිදුවූ බවයි එහි සේවයේ නියුතු නීතීඥවරයෙකු වන සෙනරත් ජයසුන්දර හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ.

 

[MP3]s51201_1[/MP3]                

 

 

කෙසේ වෙතත් මහනුවර මහාධිකරණය හැර සෙසු අධිකරණවල කටයුතු බාධාවකින් තොරව සිදුවූ බව මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්.රත්නායක කියා සිටියා.

 

[MP3]s51201_2[/MP3]  

 

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ රත්නපුර ශාඛාවේ ලේකම් නීතීඥ ප්‍රියන්ත කරුණාතිලක සඳහන් කළේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය හැර සෙසු අධිකරණවල කටයුතු සාර්ථකව සිදුවූ බවයි.

       
[MP3]s51201_3[/MP3]             

 

බදුල්ල දිස්ත්‍රික්කයේ අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවුව ද නීතීඥවරුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව බදුල්ල හිරු වාර්තාකරු පාලිත ආරියවංශ සඳහන් කළා.

 

[MP3]s51201_4[/MP3]    

 

ගම්පහ දිස්ත්‍රික්කයේ අධිකරණ කටයුතු බාධාවකින් තොරව සිදුවූ බවයි නීතීඥ සුමුදු හේවගේ හිරු ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියේ.

 

[MP3]s51201_5[/MP3]                  

 

 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංගමය අද (10) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ස්වාධීන තරුණ නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ.

 

[MP3]s51201_6[/MP3]    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories