රිසානාට දුන් දඩුවමට අප්‍රසාදය - සෞදි තානාපති ශ්‍රී ලංකාවට.

Friday, 11 January 2013 - 7:59

%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

සෞදි අරාබියේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට මරණ දඩුවම ලබා දීමට අප්‍රසාදය පළ කරමින් සවුදියේ ශ්‍රී ලංකා තානාපති අහමඞ් ඒ. ජවාඩ් වහාම ක්‍රියාත්මක වන පරිදි යළි මව්බිමට කැඳවා තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ රිසානා නෆීක් නිදහස් කරන ලෙස ලක් රජය අවස්ථා කිහිපයකදී සෞදි රජයෙන් ඉල්ලීමක් කළ නමුත් ඊට ඔවුන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි. වසර 07 කට ආසන්න කාලයක් සෞදියේ සිරගතව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් පෙරේදා ගෙළ සිඳ මරා දමනු ලැබුවා. ඇයට නිදහස ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම සිවිල් සංවිධාන ගණනාවක් අවස්ථා කිහිපයකදී සෞදි රජුගෙන් ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ඝාතනය කරනු ලැබූ රිසානා නෆීක්ගේ දේහය ඊයේ සවුදියේ දී මිහිදන් කළ බව එම තානාපති කාර්යාලය ලක් රජයට දැනුම් දී තිබෙනවා.   

කෙසේ වෙතත්, රිසානාගේ ඥාතියෙකු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඇයගේ පවුලට සාධාරණයක් ඉටුකරදෙන ලෙසයි.

[MP3]s51214[/MP3]

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් රිසානා නෆීක්ගේ දෙමව්පියන් ජීවත් වන ත්‍රිකුණාමලය - මුතූර් ප්‍රදේශයේ නිවසට ගොස් ඔවුන්ගේ කටයුතු පිළිබඳව ඊයේ සොයා බලා තිබෙනවා.

මේ අතර යුරෝපා සංගමයද රිසානා නෆීක්ට සෞදි රජය විසින් මරණ දඬුවම ලබාදීම දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. එම සංගමයේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රධානී කැතරීන් ඈෂ්ටන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් මේ පිළිබඳව දැඩි කණස්සල්ලට පත්වන බවයි. යුරෝපා සංගමයද රිසානා නෆීක්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ලෙස අවස්ථා කිහිපයකදීම සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව ඇය මෙහිදී සිහිපත් කළා.

කෙසේ වෙතත්, රිසානා නෆීක් බේරා ගැනීම සඳහා රජය කටයුතු කර නොමැති බවට චෝදනා කරමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කොටුව දුම්රියපොල ඉදිරිපිට ඊයේ දහවල් විරෝධතාවයක් පැවැත්වුණා.
 
මේ අතර, ගෘහ සේවය සඳහා කාන්තාවන් මැද පෙරදිගට යැවීම නතර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගතයුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි නායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය වැනි රටවල් මැද පෙරදිග රටවලට ගෘහ සේවය සඳහා කාන්තාවන් නොයැවීමට ගෙන ඇති තීරණය ලක් රජයද ආදර්ශයක් කරගත යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories