බදුළු ඔය, මල්වතු ඔය පිටාර ගලයි.

Friday, 11 January 2013 - 12:59

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%94%E0%B6%BA%2C+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%94%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග බදුළු ඔය පිටාර ගැලීම හේතුවෙන් හාලිඇල - ඇටම්පිටිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 08 කට අයත් පවුල් 150 ක් පමණ පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම, බදුල්ල - ගිලානන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු සැඩ පහරට හසුව ගසාගෙන යාමෙන් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා. දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ජලාශ වාන් දැමීම හේතුවෙන් පහත්බිම් රැසක්ද මේ වනවිට ජලයෙන් යටවී ඇති අතර, මල්වතු ඔය පිටාර ගැලීමෙන් මන්නාරම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක්ද ජලයෙන් යටවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර.

[MP3]s51239_1[/MP3]

අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක 06 ක ජලාශ රැසක් මේ වනවිටත් වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වාරි ජලාශ 71 න් 21 ක් වාන් දමමින් පවතින බව එහි ජලකළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න ප්‍රකාශ කළා.

[MP3]s51239_2[/MP3]

රන්දෙනිගල හා බෝවතැන්න යන ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මඩකලපුව - පොලොන්නරුව මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් මඩකලපුව - පොලොන්නරුව මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර, බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයට දෙමෝදර - උඩුවර, අටේ කණුව ප්‍රදේශයෙන් මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේද ගමනාගමන කටයුතුවලට තවදුරටත් බාධා මතුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඉදිරි පැය 24 තුළදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්.

[MP3]s51239_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories