ඕස්ට්‍රේලියාව කැමැත්ත පළ කරයි.

Friday, 11 January 2013 - 13:32

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.



එළඹෙන නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බව  ඕස්ට්‍රේලියාව සහතික කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කැනඩාව මේ සම්බන්ධයෙන් කුමන මතයක් දැරුවද එය තම රටේ සහභාගීත්වයට බාධාවක් නොවන බවයි. මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා  ඕස්ට්‍රේලියානු රජය ස්වාධීන කමිටුවක්ද පත්කර තිබූ අතර, එම කමිටුව විසින් කරනු ලැබූ නිර්දේශවලට අනුවයි ඔවුන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට තීරණය කර ඇත්තේ.  ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය බොබ් කාර් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, එම සංචාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතිකරගත් අවබෝධයද  ඕස්ට්‍රේලියාව රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට තවත් හේතුවක්. කෙසේ වෙතත්, කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවීමට දැනටමත් තීරණය කර අවසන්. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම පිළිබඳව ගැටළු පවතින බව පවසමිනුයි කැනඩාව මෙම තීරණය ගෙන ඇත්තේ. කෙසේ වෙතත්,  ඕස්ට්‍රේලියාව පවසන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් ලක් රජය සමග සාකච්ජා කර අවශ්‍ය ක්‍රියාමාර්ගයන්ට එළැඹිය යුතු බවයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories