දිස්ත්‍රික්ක 4කට නාය යාම් අවදානම තවත් පැය 24ක්.

Friday, 11 January 2013 - 18:50

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+4%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%9A%E0%B7%8A.

නුවරඑළිය, බදුල්ල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක 04 සඳහා ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය නිකුත් කර තිබූ නායයෑම් අවදානම තවත් පැය 24ක දීර්ඝ කළා. එහි නායයෑම් අධ්‍යයන අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර පැවසුවේ හෙට (12) පෙරවරු 11 දක්වා මෙම අවදානම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

 

[MP3]s51254_1[/MP3]                                                  

 

නාය යෑමේ අවදානම හේතුවෙන් හඟුරන්කෙත - වැල්ලගිරිය ගම්මානයේ පවුල් 25ක් නිවෙස්වලින් අද (11) ඉවත් කළා. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ප්‍රකාශ කළේ එම ගම්මානයට ඉහළින් ඇති කන්දක් නාය යාමේ අවදානමට ලක්ව ඇති බවයි.

 

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව තුන්ලක්ෂ 88,621 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගල මරණ 46ක් සහ අතුරුදන්වීම් 8ක් මේ වන විට වාර්තා වී ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. නිවාස 5357ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් 33,455කට අර්ධ හානි සිදුව තිබෙනවා. තවදුරටත් ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින අතර ජල ගැලීම් හේතුවෙන් මඩකලපුව - පොළොන්නරුව මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වුණා. පවතින තත්ත්වය පිළිබද පැහැදිලි කරන ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර.

 

[MP3]s51254_2[/MP3]                                

 

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබදව අප කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්ගෙන් විමසීමක් කළා.

 
[MP3]s51254_3[/MP3]            



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories