පාට වැසි හොයන්න නාසා විද්‍යාඥයෙක් එයි.

Saturday, 12 January 2013 - 12:39

%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A5%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92.

මෙරට ප්‍රදේශ ගණනාවකින් පසුගිය දිනවල වාර්තා වූ වර්ණවත් වැසි පිළිබදව සොයා බැලීම සඳහා ඇමරිකානු නාසා ආයතනයේ විද්‍යාඥයෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටිනවා. නාසා ආයතනයේ තාරකා භෞත විද්‍යාඥ මහාචාර්ය රිචඞ් බී හුවර් එම පරීක්ෂණ කටයුතු සදහා දැන් මෙරටට පැමිණ සිටින බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අනිල් සමරනායක සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් මීට පෙර බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ද පරීක්ෂණ පවත්වනු ලැබුවා. නාසා ආයතනයේ මහාචාර්යවරයා ඒ සඳහා ඉදිරිපත් වී ඇත්තේ මහාචාර්ය වික්‍රමසිංහට ඒ පිළිබදව දැනුම් දීමෙන්.

 

රතු වැසි, කහ වැසි මෙන්ම කොළ වැසි පිළිබඳව ද විවිධ පුවත් පසුගිය දිනවල දිගින් දිගටම වාර්තාවුනා. මෙය වෙනස් කරමින් අද දිනයේ කළු වැස්සක් පිළිබද තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට ලැබුණේ උඩුදුම්බර - හපුගස්කුඹුර - කෝවිල්මඩ ප්‍රදේශයෙන්. ප්‍රදේශවාසීන් ඒ පිළිබදව මෙලෙස කරුණු පැහැදිලි කළා.  

 

[MP3]s51290[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories