පෘථිවියෙන් පිටත ජීවය පවතින බවට පළමු පැහැදිලි සාක්ෂිය අරලගංවිලට පසුගියදා කඩා වැටුණු උල්කාපාත කොටස පිළිබඳ පරීක්ෂණවලින් අනාවරණය වුණා. දෙසැම්බර් 29 වැනිදා කඩා වැටුණු මෙම උල්කාපාත කොටස් වැඩිදුර පරීක්ෂාවට ලක් කළේ බ්‍රිතාන්‍යයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයි. එහිදී මෙම උල්කාපාත කොටසේ ඩයටම කාණ්ඩයට අයත් ඇල්ගී විශේෂයේ ජීව කොටස් පොසිලගතව පවතින බව අනාවරණය වී තිබෙනවා. කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය පසුගියදා ශ්‍රී ලංකාවට ඇද හැළුණු රතු සහ කහ වැසි පිළිබඳව සිදුකරන පරීක්ෂණ අතරතුරයි මෙම උල්කාපාත කොටස් සොයා ගැනුණේ. ඒ අනුව ඊට අදාළ විශේෂ පරීක්ෂණ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ රසායනාගාර තුළ සිදුකෙරුණා. මේ පිළිබඳ තොරතුරු ඇතුළත් මේ වනවිටත් ජාත්‍යන්තර අභ්‍යාවකාශ සඟරා මගින් ප්‍රකාශයට පත්කර ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය නිකුත් කළ නිවේදනයක සඳහන්.
Follow US
Most Viewed Stories