දෙමළ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය සහ අසභ්‍ය වීඩියෝ.

Sunday, 13 January 2013 - 7:34

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B0%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගේ කිලිනොච්චියේ පිහිටි කාර්යාලයේ තිබී පුපුරණ ද්‍රව්‍ය, අසභ්‍ය වීඩියෝ පට තොගයක් සහ රජයට අපහාස වන තොරතුරු ඇතුළත් සංයුක්ත තැටි කිහිපයක් ඊයේ සොයා ගත්තා. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද මෙහිදී අත්අඩංගුවට ගත් බවයි. පෙරේදා යාපනයේදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අඩු ධාරිතාවයකින් යුත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් හෙළි වූ තොරතුරු මතයි මෙම දෙමළ සන්ධාන මන්ත්‍රීවරයාගේ කාර්යාලය ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කළේ. සිද්ධිය පිළිබඳ පැහැදිලි කරන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය.

[MP3]s51324_1[/MP3]

කෙසේ වෙතත්, මේ පිළිබඳව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් දැක්වූයේ මෙවන් අදහසක්.
 
[MP3]s51324_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories