ජවිපෙ සාමාජිකයාගේ ඝාතනයට 7ක් සැකපිට අත්අඩංගුවට.

Sunday, 13 January 2013 - 18:51

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+7%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.


පදවිය බෝගහවැව - කෝන්කැටියාව ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් මියගිය ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 7 දෙනෙකු චුන්නාකම් පොලිසිය විසින් අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහරදීමට පැමිණි ජිප් රථ දෙක ද චුන්නාකම් - පුන්නාලකට්ටුවාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම සැකකරුවන් මේ වනවිට පදවිය පොලිසියට වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යොමුකර තිබෙනවා. ජිප් රථ දෙකකින් පැමිණි නාඳුනන මැර කණ්ඩායමක ඊයේ පස්වරුවේ සිදුකළ පහරදීමකින් බරපතල තුවාල ලබා රෝහලට ගෙනයමින් සිටියදී ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයා ජීවිතක්ෂයට පත්වුණා. සී.එල්.සනී. සේනාරත්න නමැති මෙම පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවෙකු වනවා. 42 හැවිරිදි මොහු සිව් දරු පියෙක්. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (14) දිනයේදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories