අගවිනිසුරුවරිය ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධීයි. - එජාප.

Sunday, 13 January 2013 - 18:57

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4.

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ බවට ජනාධිපතිවරයා විසින් දැනුම් දීමත් සමග එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වන්නේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා කියා සිටියේ අගවිනිසුරුවරිය ඉවත් කිරීම සඳහා වූ දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී නිසි පරිදි සම්මත වී නොමැති බවයි.

[MP3]s51369_1[/MP3]

ලබන 15 වැනිදායින් පසුව අගවිනිසුරුවරුන් දෙදෙනෙකු කටයුතු කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද (13) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s51369_2[/MP3]

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

[MP3]s51369_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories