පාර්ලිමේන්තු සභාව අද රැස්වේ.

Monday, 14 January 2013 - 7:42

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.

නව අගවිනිසුරුවරයා පත් කිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තු සභාව අද රැස්වීමට නියමිත බවයි එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. පාර්ලිමේන්තු සභාව සාමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත වන අතර එයට කථානායකවරයා, අගමැතිවරයා සහ සුළු ජාතීන් නියෝජනය කරමින් ආණ්ඩු පක්ෂයෙන් ඒ.එච්.එම්. අස්වර් මන්ත්‍රීවරයා නියෝජනය කරනවා. මීට අමතරව විපක්ෂ නායකවරයා සහ සුළු ජාතීන් නියෝජනය කරමින් විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඞී.එම්. ස්වාමිනාදන් කටයුතු කරනවා.

කෙසේ වුවත් විපක්ෂ නායකවරයා සහ ස්වාමිනාදන් මන්ත්‍රීවරයා මෙතෙක් පාර්ලිමේන්තු සභාවේ කිසිදු රැස්වීමකට සහභාගි වී නොමැති අතර අද පැවැත්වීමට නියමිත රැස්වීමටද ඔවුන් සහභාගි නොවන බවයි විපක්ෂ නායක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

නමුත් පාර්ලිමේන්තු සභාව අද දිනයේ රැස්වී නව අගවිනිසුරුවරයා පත්කිරීම සම්බන්ධයෙන් සිය තීරණය නිල වශයෙන් ගනු ඇති බව ඒ.එච්.එම්. අස්වර් මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


[MP3]s51380[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories