බලූකිස්ථාන ප්‍රධාන අමාත්‍යවරයා ධුරයෙන් පහ කෙරේ.

Monday, 14 January 2013 - 7:59

%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.



පකිස්ථානයේ - බලූකිස්ථාන ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ධුරයෙන් පහ කිරීමට එරට අග්‍රාමාත්‍ය පර්වේස් අෆ්රෆ් තීරණය කර තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා පකිස්ථානයේ ක්වාටා ප්‍රදේශයේ  සිදුවූ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 92 කු මියයෑමේ සිද්ධිය මෙම තීරණයට හේතුවී තිබෙනවා. බලූකිස්ථාන ප්‍රධාන අමාත්‍යවරයාට සිය ප්‍රාන්තය තුළ නිසියාකාරයෙන් ආරක්ෂක කටයුතු පවත්වා ගෙන යෑමට නොහැකි බවටයි එරට අග්‍රාමාත්‍යවරයා චෝදනා කර ඇත්තේ. ක්වාටා හි සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව බලූකිස්ථාන ප්‍රාන්තය පුරා උද්ඝෝෂන රැසක් පැවැත්වුණා. කෙසේ වුවත් මේ වනවිට එම ප්‍රාන්තයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක සේනාංක කිහිපයක් ස්ථාන ගතකර ඇති බවද විදෙස් මාධ්‍ය තහවුරු කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories