උපාධිධාරීන් ස්ථිර කිරීම පිළිබඳ චෝදනාවලට රජයෙන් පිළිතුරු.

Monday, 14 January 2013 - 12:44

%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීමේ වැඩපිළිවෙල විධිමත්ව සිදු නොවන බවට උපාධිධාරී මධ්‍යස්ථානය චෝදනා කරනවා. මාස 6 ක පුහුණුවකින් පසු අභ්‍යාසලාභී උපාධිධාරින් රාජ්‍ය සේවයේ ස්ථිර කිරීමට මීට පෙර පොරොන්දු වුවද එය මේ දක්වා ඉටුවී නොමැති බවයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිළි කරන උපාධිධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ.

[MP3]s51402_1[/MP3]

අභ්‍යාසලාභී උපාධිධාරින් ලෙස රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරින් 52000 ක් ස්ථිර කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා සිදු කෙරුණා. එය සංකේතවත් කරමින් උපාධිධාරීන් තුන්දෙනෙකුට ස්ථිර පත්වීම් සිදු කෙරුණේ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදියි.

කෙසේ වෙතත්  උපාධිධාරී මධ්‍යස්ථානය නගන මෙම චෝදනා පදනම් විරහිත බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 
[MP3]s51402_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories