රිසානාගේ ඝාතනය නෝර්වේ රජය හෙළා දකී.

Monday, 14 January 2013 - 13:18

%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93.



ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් ගෙල සිඳ ඝාතනය කිරීමේ සිද්ධිය නෝර්වේ රාජ්‍යය ද හෙළා දැක තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ කටයුතු අමාත්‍ය එස්පන් බාර්ත් එයිඞ් පවසන්නේ රිසානා ඝාතන පුවත ඇසීමෙන් පසු තමන් දැඩි ලෙස කම්පාවට පත්වූ බවයි. රිසානාට ලබා දුන් දඩුවම සෞදි අරාබිය විසින් ළමා හිමිකම් සම්මුතිය කඩ කිරීමක් බව ද ඔහු පෙන්වා දෙනවා. සෞදි අරාබිය විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව නෝර්වේ රජයේ පැහැදීමක් නොමැති අතර අවුරුදු 18 ට අඩු ළමුන්ට මරණ දඩුවම ලබාදීමෙන් වළකින ලෙසයි නෝර්වේ විදේශ අමාත්‍යවරයා සෞදි අරාබියෙන් ඉල්ලා ඇත්තේ. රිසානාට ලබා දුන් මරණ ද`ඩුවම මීට පෙර යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය රජය ද හෙළා දුටුවා.


කෙසේ වෙතත්, රිසානා නෆීක්ගේ ගෙල සිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞදි රජය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ තම අධිකරණය විසින් ලබාදුන් දඩුවම විවේචනය කරමින් ජාත්‍යන්තර රටවල් පළ කරන අදහස් සෞදි අරාබි රජය හෙළා දකින බවයි. රිසානා සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පැමිණ ඇත්තේ අවුරුදු 21 ක තරුණියක් ලෙසයි. ඇයගේ විදේශ ගමන් බලපත්‍රයේද ඒ බව සඳහන් වී තිබෙනවා. ඒ අනුව තම අධිකරණය මගින් රිසානාට දඩුවම් නියම කර ඇති බවයි සෞදි රජය ප්‍රකාශ කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories