අලූත් අගවිනිසුරු පිළිගන්නේ නැහැ. - නීතිඥයන් පිරිසක්.

Monday, 14 January 2013 - 18:52

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක එම තනතුරෙන් ඉවත් කිරීම සහ නව අගවිනිසුරුවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමු කිහිපයකදී විවිධ අදහස් පළ වුණා. 2013 වසරේ වැඩ කරන ජනතාවගේ අභියෝග යන මැයෙන් කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

[MP3]s51426_1[/MP3]

මේ අතර, නීතිඥ එකමුතුව කොළඹ අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ කියා සිටියේ නව අගවිනිසුරුවරයෙකු පත් කළහොත් ඔහුගේ එම පත්වීම නීතිඥවරුන් විසින් පිළිනොගන්නා බවයි.

[MP3]s51426_2[/MP3]

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ චම්පානි පද්මසේකර කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ලබාදුන් තීන්දුවක් අභියෝගයට ලක් කළ නොහැකි බවයි.   

[MP3]s51426_3[/MP3]

නීතිඥ එකමුතුව කැදවූ මාධ්‍ය හමුවට එක්වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

[MP3]s51426_4[/MP3]

ඊට පිළිතුරු ලබාදුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චම්පානි පද්මසේකර.

[MP3]s51426_5[/MP3]
 
මේ අතර, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකගේ පොලිස් ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඇයගේ නීතිඥයින් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. මේ පිළිබඳ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස්පතිවරයා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories