පසුගිය වසරේ පැරසිටමෝල් පෙති මිලියන 810ක් භාවිතයට.

Tuesday, 15 January 2013 - 7:57

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+810%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7.

පසුගිය වසරේ දී මෙරට ජනතාව සඳහා පැරසිටමෝල් පෙති මිලියන 810ක් නිකුත් කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. සාමාන්‍යයෙන් වසරකට රජයේ රෝහල්වලින් පැරසිටමෝල් පෙති මිලියන 560ක් නිකුත් කරනු ලබනවා. එහෙත් ගිය වසරේදී පමණක් සාමාන්‍ය තත්ත්වයට වඩා පැරසිටමෝල් පෙති මිලියන 240ක් වැඩිපුර නිකුත් කර ඇති බව සඳහන්. මසකට පැරසිටමෝල් පෙති මිලියන 45ත්, 50ත් අතර සංඛ්‍යාවක් රජයේ රෝහල්වලින් නිකුත් කෙරෙන අතර,  ඕනෑම ස්ථානයකින් පැරසිටමෝල් පෙති මිලදී ගැනීමට හැකියාව පවතිනවා. පැරසිටමෝල් අධිමාත්‍රාවක් ලෙස ගැනීමෙන් පුද්ගලයින් මිය යන බැවින් ඒවා නිකුත් කිරීම අවම කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ රෝහල්වලට උපදෙස් ලබාදී තිබුණේ.

 
කෙසේ වෙතත් පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. එහිදී වෛද්‍ය සැපයුම් අංශය කියා සිටියේ පසුගිය වසරේදී පමණක් පැරසිටමෝල් පෙති මිලියන 810ක් නිකුත් කර ඇති බවයි. මෙම තත්ත්වයට හේතු සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් ඒකකයට දැනුම් දී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories