නීති විද්‍යාලයට සිසුන් ලියාපදිංචිය තවත් සතියකින් කල් දැමේ.

Tuesday, 15 January 2013 - 7:59

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A.

නීති විද්‍යාලය සඳහා මේ වසරේ සිසුන් ලියාපදිංචිය තවත් සතියකින් කල් දමා තිබෙනවා. නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී. රුද්‍රිගෝ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නීති අධ්‍යයන සභාවේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි. 2012 වසරේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිට ඉන් සමත් වූ සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු අද (15) ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

 

නීති විද්‍යාලය සඳහා නවක සිසුන් ලියාපදිංචි කිරීම මීට පෙර අවස්ථාවකදී ද එහි විදුහල්පතිවරයා විසින් කල් දමනු ලැබුවා. ඒ, බොදුබල සේනා සංවිධානය ඇතුළු විවිධ පාර්ශවවලින් කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙනයි. පසුගිය 08 වැනිදා බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් නීති විද්‍යාල විදුහල්පතිවරයා හමුවූ අතර එහිදී ඔහු සිය තීරණය ප්‍රකාශයට පත් කළා. 2012 නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතා සිදුවූ බවට විවිධ පාර්ශවයන් චෝදනා එල්ල කිරීමත් සමගයි ඒ සම්බන්ධයෙන් කතාබහක් සමාජය තුළ ඇති වූයේ. කෙසේ වෙතත්, නීති විද්‍යාල ලියාපදිංචිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා මහාසංඝරත්නය ඇතුළු ජනතා විරෝධයක් අද (15) පෙරවරුවේ නීති විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙය සංවිධාන කරන්නේ බොදුබල සේනා සංවිධානයයි.

 


පසුව 2012 නීති ප්‍රවේශ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කර අදට පෙර තමා වෙත දැනුම් දෙන ලෙස නීති විද්‍යාල විදුහල්පතිවරයා විභාග කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණා. එහෙත් පසුව යළිත් එම තීරණය වෙනස් කරමින් නීති විද්‍යාල විදුහල්පතිවරයා, විභාග කොමසාරිස්වරයාට දැනුම් දෙනු ලැබුවේ නැවත සමීක්ෂණය සිදුනොකරන ලෙසයි. ඒ, ඊට නීති අධ්‍යයන සභාවේ අනුමැතිය ලබාගෙන නොතිබීම හේතුවෙන්. කෙසේ වෙතත්, ඉන් අනතුරුවයි නීති විද්‍යාල විදුහල්පතිවරයා විසින් යළිත් නවක සිසුන් ලියාපදිංචිය කල් දමා ඇත්තේ. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන නීති විද්‍යාල විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී. රුද්‍රිගෝ.

 
[MP3]s51447[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories