තමා නව අගවිනිසුරු ලෙස අද දිවුරුම් දෙන බව මොහාන් පීරිස් කියයි.

Tuesday, 15 January 2013 - 8:04

%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

නව අගවිනිසුරුවරයා ලෙස තමා අද (15) දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන බව හිටපු නීතිපතිවරයෙකු මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ නීති උපදේශකවරයා ලෙස කටයුතු කරන මොහාන් පීරිස් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අද දහවල් 12.30ට තමා ජනාධිපතිවරයා ඉදිරියේ නව අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දෙන බවයි. ඒ අනුව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකගෙන් පසුව මෙරට 44 වන අගවිනිසුරුවරයා වන්නේ හිටපු නීතිපති මොහාන් පීරිස්.

 

මේ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු සභාව අද උදෑසන රැස්වීමට නියමිතයි. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සඳහන් කළේ නව අගවිනිසුරු තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති නමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ලබාදීමෙන් පසුව එය යළිත් ජනාධිපතිවරයා වෙත යවන බවයි. 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ පාර්ලිමේන්තු සභාවට කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයාට අමතරව සුළු ජාතීන් නියෝජනය කරමින් ඒ.එච්.එම්. අස්වර් සහ ඞී.එම්. ස්වාමිනාදන් යන මන්ත්‍රීවරුන් ද ඇතුළත්. අද (15) පැවැත්වෙන පාර්ලිමේන්තු සභා රැස්වීම පිළිබදව පැහැදිලි කරන නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි.

 

[MP3]s51449[/MP3]

 

කෙසේ වෙතත්, කිසිඳු පාර්ලිමේන්තු සභාව රැස්වීමකට එය නියෝජනය කරන විපක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඞී.එම්. ස්වාමිනාදන් සහභාගි වී නැහැ. ඔවුන් අද (15) පැවැත්වෙන රැස්වීමට ද සහභාගි නොවනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

 

 

 
මේ අතර, නිවාඩු කාලයෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ කටයුතු අද ආරම්භ කෙරෙනවා. අද (15) දිනයේ දී අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව ගොනු කළ පෙත්සම් 6 අභියාචනාධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories