පකිස්ථානයේ අගමැති අත්අඩංගුවට ගැනීමට නියෝග.

Tuesday, 15 January 2013 - 15:32

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C.

පාකිස්ථානු අග්‍රාමාත්‍ය රාජා ෆර්වේෂ් අෂ්රෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්ථානු ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කරනු ලැබුවා. ඒ ඔහුට එරෙහිව එල්ලවී ඇති දූෂණ චෝදනා හේතුවෙන්. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට අමතරව තවත් පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ. වත්මන් අගමැතිවරයා ජල සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස 2010 වසරේ ආරම්භ කරන ලද බලශක්ති ව්‍යාපෘතියකට අවසර ලබාදීමේදී අල්ලස් ලබාගත් බවටයි චෝදනා එල්ලවන්නේ. ඊට අදාළව පාකිස්ථානු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පැවතුනා. මීට අමතරව එරට ආණ්ඩු විරෝධී ආගමික නායකයෙකු පාකිස්ථානයේ සිදුවී ඇතැයි කියන දූෂණ සම්බන්ධයෙන් මේ වනවිට දැවැන්ත උද්ඝෝෂනයක නිරත වනවා. එවන් පසුබිමකයි පාකිස්ථානු ශ්‍රේෂ්ඨාධිකරනය එරට අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත් ඇත්තේ. උද්ඝෝෂකයන් ප්‍රකාශ කරන්නේ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව පාකිස්ථානු රජයම ඉවත් විය යුතු බවයි.

හිටපු අග්‍රාමාත්‍ය යූසුෆ්  රාසා ගිලානි ද දූෂණ චෝදනා හේතුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ධුරයෙන් පහ කරනු ලැබුවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේයි. පාකිස්ථානු ජනාධිපති අසීෆ් අල් සර්දාරි ට එල්ලවී ඇති දූෂණ චෝදනා විභාග කිරීම සඳහා අධිකරණය ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට එල්ලවූ ඇති චෝදනාවයි. ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අගමැතිවරයා වරදකරු කරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories