සරසවි සිසු නායකත්ව පුහුණුවේ දෙවැනි අදියර අද.

Wednesday, 16 January 2013 - 7:35

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහනේ දෙවන අදියර අද (16) ඇරඹෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව දෙවන අදියර සඳහා සිසුන් 7860 ක් සහභාගි වීමට නියමිත අතර දිවයින පුරා තෝරාගත් මධ්‍යස්ථාන 22 ක මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති. ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කරන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක.

[MP3]s51505[/MP3]
 
මේ අතර විශ්වවිද්‍යාල සිසුන්ට මෙහි පළමු අදියර යටතේ ලබාදුන් නායකත්ව පුහුණු වැඩසටහනට සියයට 90 කට ආසන්න සිසුන් සහභාගී වූ බවයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. පසුගිය දෙසැම්බර් 27 වැනිදා එහි පළමු වැඩසටහන ජනවාරි 12 වැනිදා දක්වා පැවැත්වුණු අතර තුන්වන කණ්ඩායම සඳහා නායකත්ව පුහුණු වැඩසටහන ලබන පෙබරවාරි 12 වැනිදා ආරම්භ වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories