දිවි නැගුම වැඩ අරඹයි.

Wednesday, 16 January 2013 - 7:37

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 324 ක දිවිනැගුම පුහුණු වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ දිවිනැගුම පුහුණු වැඩසටහන් ඊයේ (15) සිට 20 වැනිදා දක්වා දිවයින පුරා ප්‍රජා නායකයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වන බවයි. මහින්ද චින්තන ඉදිරි දැක්ම මත පදනම්ව ක්‍රියාත්මක වන මෙම දිවිනැගුම වැඩසටහන මගින් මෙරට දිළිඳුකම තුරන් කිරීම අරමුණ වනවා. දැනට ලංකාවේ සියයට 8.9 ක් ව පවතින දිළිඳුකම තුරන් කරන වැඩසටහන් රාශියක් මෙමගින් ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. දැනට ග්‍රාම සේවා වසම් 14008 ක මේ සඳහා පුහුණු නිලධාරීන් යොදවා තිබෙනවා. ගම නැගුම, පුර නැගුම, ප්‍රාදේශීය වැඩසටහන්, ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් මෙන්ම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්ද මෙමගින් ක්‍රියාත්මක කෙරෙනවා. එමෙන්ම පවුල් පෝෂණය ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂිකාර්මික අංශය ඉලක්ක කරගත් කුඩා වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories