වැලිවේරියේ සිසුවිය මියගියේ වෛද්‍යවරුන්ගේ වරදින්ද ? පරීක්ෂණ ඇරඹේ.

Wednesday, 16 January 2013 - 18:13

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%3F++%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ ඉදිරියෙන්.  මෙරට සෞඛ්‍ය සේවය පිළිබඳ සිදු කෙරෙන මහත් වූ ප්‍රශංසා මෙන්ම ඇතැම් චෝදනාද නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා.

කැළණිය - ගුරු කුල විද්‍යාලයේ ඉගෙනුම ලබන 18 හැවිරිදි උදාරි ඉරේෂිකා පෙරේදා ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කෙරුණේ හිසේ කැක්කුමක් හේතුවෙන්. එහෙත් එදින රාත්‍රියේ ඇය මියගියා. උදාරිගේ දෙමාපියන් සඳහන් කරන්නේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා තම දරුවා ජීවිතක්‍ෂයට පත්වූ බවයි. රෝහලට ඇතුළත් කර පැය 2 කට අධික කාලයක් ගතවනතුරු තම දියණියට වෛද්‍යවරයෙකුගෙන් නිසි ප්‍රතිකාරයක් නොලැබුණු බව උදාරිගේ මව වන මාලා ශ්‍රියානි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. ගම්පහ  බටහිර වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි උදාරී ඉරේෂිකා වීරරත්න පවුලේ වැඩිමල් දරුවා වන අතර ඇයට  තවත් නැගණියන් දෙදෙනෙකු සිටිනවා.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තමන්ට මුහුණදීමට සිදුවූ අත්දැකීම් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කරන උදාරි ඉරේෂිකාගේ මව.

[MP3]s51541_1[/MP3]                                     

ඇය තවදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අවසන් මොහොතේ වෛද්‍යවරුන් පැමිණ දියණිය බේරාගැනීමට තැත් කිරීම කණගාටුවට කරුණක් බවයි.

[MP3]s51541_2[/MP3]                            

ජීවිතක්‍ෂයට පත්වූ උදාරි ඉරේෂිකා වීරරත්නගේ නැගණියක් වන තිවංකා බුද්ධිනී ද  හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s51541_3[/MP3]              

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සුදත් ධර්මරත්නගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම දැරියගේ ජීවිතය බේරාගැනීම සඳහා අවශ්‍ය සියලූම ප්‍රතිකාර සිදුකළ බවයි.
 
කෙසේ වෙතත් මේ වනවිට උදාරි ඉරේෂිකාගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර තිබෙනවා.  එහිදී ඇයගේ මරණයට නිශ්චිත හේතුව සොයාගත හැකි බවයි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories