ප්‍රභාකරන්ගේ සෙංචෝලයට K.P. ගෙන් මානුෂීය මුහුණුවරක්.

Thursday, 17 January 2013 - 8:13

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%82%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+K.P.+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.

මතබේදාත්මක එල්.ටී.ටී.ඊ. සෙංචෝලේ ළමා නිවාසයට මානුෂීය මුහුණුවරක් ගෙන ඒමට එම සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවෙකු වන කේ. පී හෙවත් කුමරන් පද්මනාදන් සූදානම් වනවා. ඒ අනුව ළමුන් 40 දෙනෙකුගෙන් ලබන 20 වැනිදා යළි මෙම මධ්‍යස්ථානය ආරම්භ කරන බවයි කුමරන් පද්මනාදන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ඒ සඳහා රජයේ අනුමැතිය හිමිවී ඇති බවද ඔහු කියා සිටියා. ඒ පිළිබඳව තවදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කරන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවෙකු වන කුමරන් පද්මනාදන්.

[MP3]s51560[/MP3]

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් එවක කොටි සංවිධානයේ ළමා සොල්දාදුවන් රැකබලාගැනීමේ නිවාසයක් ලෙස සෙංචෝලේ ළමා නිවාසය පවත්වාගෙන ගිය බවට ලක් රජය මීට පෙර චෝදනා එල්ල කළා. කිලිනොච්චියේ පිහිටි සෙංචෝලේ ළමා නිවාසයට එල්ලවූ ප්‍රහාරයකින් 2006 වසරේදී එහි සිටි ළමා සොල්දාදුවන් 53 දෙනෙකු මියගිය බවටද වාර්තා පළවුණා.

කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසුද ලක් රජය චෝදනා කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් ළමා සොල්දාදුවන් රැකබලාගැනීමේ මධ්‍යස්ථානයක් බවට එම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය බවට තහවුරු වී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories