කහවත්තේදී පුද්ගලයෙකු පැහැර ගැනේ.

Thursday, 17 January 2013 - 8:27

%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වෑන් රථයකින් පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා පෙරේදා පස්වරුවේ පැහැරගෙන ගිය බවට කහවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ කහවත්ත - නීලගම ප්‍රදේශයේ පදිංචි ගාමිණී වික්‍රමසිංහ නැමති පුද්ගලයෙකුයි. පතලක කුලී කරුවෙකු ලෙස සේවය කරන ඔහු 43 හැවිරිදි දෙදරු පියෙක් වනවා. පැහැරගැනීමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම සැමියා නිවසේ රැඳී සිටි අවස්ථාවේදී වෑන් රථයකින් පැමිනි පිරිසක් ඔහුව රැගෙන ගිය බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන ගාමිණී වික්‍රමසිංහගේ බිරිඳ.

[MP3]s51567[/MP3]

කෙසේ වෙතත් දැනට වාර්තාවන කරුණු අනුව මෙම පුද්ගලයා සැකපිට වසරක් රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිට නිදොස් කොට නිදහස් කෙරුණු පුද්ගලයෙක්. මොහු කහවත්ත කොටකෙතනේ දෙවැනි කාන්තා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයට නියමවූ පුද්ගලයෙකු වන බවයි වාර්තාවන්නේ. මොහුත් සමග තවත් පුද්ගලයින් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා.

මේ අතර මීට පෙරද කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ මව සහ ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටි සැකකරුවෙකු පැහැරගෙන ගෙන ගොස් තිබුණා. ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මස 22 වැනිදා රාත්‍රියේදී ගම්පහ - හේනේගම ප්‍රදේශයේදී නිවසක සිටියදී පැහැරගනු යනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories