තිබෙන ව්‍යවස්ථාව පිළිපදින්න. UNP

Thursday, 17 January 2013 - 12:38

%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+UNP

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මේ දිනවල දේශපාලන කරලියේ නිතර කථාබහට ලක්වන මාතෘකාවක්. ඒ පිළිබඳව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂවල මතය හිරු ප්‍රවෘත්ති අංශය විමසා බැලූවා.

ව්‍යවස්ථා කටයුතු සම්පාදනය සිදුකරන පාර්ලිමේන්තුවේ, නියෝජ්‍ය කථානායක  චන්දිම වීරක්කොඩිගෙන් ආණ්ඩු පක්ෂයේ මතය අප පළමුවෙන් විමසා සිටියා. ඊට ප්‍රතිචාර දැක්වූ ඔහු කියා සිටියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ රටේ නීතිද කාලානුරූපීව වෙනස් විය යුතු බවයි.

[MP3]s51581_1[/MP3]                    

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ අදහස පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට කළ විමසීමට පිළිතුරු ලබාදුන්නේ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ලයි. ඔහු කියා සිටියේ දැනට පවතින ව්‍යවස්ථාව නිසි ආකාරයෙන් ආරක්ෂා කිරීම වැදගත් වන බවයි.

[MP3]s51581_2[/MP3]                     

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ජනතා හිතවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඒ පිළිබඳව කරුණු පැහැදිළි කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

[MP3]s51581_3[/MP3]                                

කෙසේ වුවත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවයක් පවතින්නේ ද යන්න  සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නීති විශාරදයෙකු වන අධි නීතීඥ ගෝමින් දයාශ්‍රීගෙන් විමසීමක් කළා.
 
[MP3]s51581_4[/MP3]     



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories