මාලි ත්‍රස්තයන් සොයා ප්‍රංශ හමුදා මෙහෙයුමක.

Thursday, 17 January 2013 - 12:42

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A.



ප්‍රංශ හමුදා සේනාංක අප්‍රිකානු මාලි රාජ්‍යයෙහි මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව යුද ප්‍රකාශ කර තිබෙනවා. අල්කයිඩා සංවිධානයේ සහය ලබන මෙම ත්‍රස්ත සංවිධානය විදේශිකයන් 41 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ. ඔවුන් මුදාගැනීම සඳහා ප්‍රංශ හමුදා මීට පෙරද සීමිත මෙහෙයුමක් සිදුකරනු ලැබුවා. කෙසේ වෙතත් ත්‍රස්ත සංවිධාන අත්අඩංගුවේ පසුවන ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු මේ වනවිට ජීවිතක්‍ෂයට පත්ව ඇති බවද විදෙස් වාර්තා ප්‍රකාශ කළා. මෙම ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයන් 40 දෙනා අතර 7 දෙනෙකු ඇමරිකානුවන්. මාලි ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කරන්නේ ඇල්ජීරියාවේ සිරගත කර ඇති තම සංවිධානයට අයත් සිරකරුවන් 100 දෙනෙකු නිදහස් කරන්නේ නම් ප්‍රාණ ඇපයේ සිටින විදේශිකයන් නිදහස් කරන බවයි.

 

කෙසේ වෙතත් ඇල්ජීරියාව ඊට කැමැත්තක් පළ කර නැහැ. ප්‍රංශ හමුදාවන්ට තම ගුවන් සීමාව භාවිත කිරීමටද ඇල්ජීරියාව ඉඩ ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මාලි රාජ්‍ය කලක්  ප්‍රංශයේ යටත් විජිතයක් ලෙසද පැවතුණා.

මාලි ත්‍රස්තයන් සොයා ප්‍රංශ හමුදා මෙහෙයුමක.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories