ඇමති මර්වින්ගේ ලේකම්වරුන් ප්‍රධාන චූදිතයන් කරන්නැයි ඉල්ලීමක්.

Thursday, 17 January 2013 - 18:55

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A0%E0%B7%96%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවලගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා මේ මස 31 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුවන් අද (17) මහර මහේස්ත්‍රාත් සහන් මාපා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී ඝාතනයට ලක්වු මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් ඔවුන්ද අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරන ලෙසයි. ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන හසිත මඩවල මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සිසිර ජයකොඩි.

 

[MP3]s51599_1[/MP3]                                  

 

මෙම නඩුව කැඳවූ අද (17) දිනයේ මහර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක්ද පැවැත්වුණා. ඊට එක්ව සිටි කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර.

 

[MP3]s51599_2[/MP3]                           

 

ඝාතනයට ලක්වූ හසිත මඩවල මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ධම්මිකා චන්ද්‍රානි මඩවල ද අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටියා. නඩු විභාගය අවසානයේ ඇය මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා.

 

[MP3]s51599_3[/MP3]                           

 

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල කැළණිය - වරාගොඩ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ මේ මස 05 වැනි දින රාත්‍රියේදීයි. පසුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු 08 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඉන් ප්‍රධාන සැකකරු වන්නේ සුජීව රංගන කුමාර නමැත්තෙක්. අමාත්‍ය මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා වන සරත් එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් මෙන්ම, අමාත්‍යවරයාගේ තවත් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන විද්‍යාපතිරණගේ සමන් ද සැකකරුවන් අතර වනවා. හේමන්ත කුමාර සහ චතුරංග වීරසේකර සෙසු සැකකරුවන්.

 

අමාත්‍ය මර්වින් සිල්වා විසින් කැළණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා පසුගිය 11 වැනිදා යොමුකළ ලිපිය ජනාධිපතිවරයා විසින් භාර ගෙන තිබුණා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories