රිසානා වෙනුවෙන් තවත් යෝජනාවක්.

Thursday, 17 January 2013 - 18:52

%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලාංකික බාල වයස්කාර ගෘහ සේවිකා රිසානා නෆීක් සෞදි අරාබියේදී ඝාතනය කිරීම හෙළා දකිමින් කොටුව දුම්රියපොල ඉදිරිපිට අද (17) අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් පැවැත්වුණා. නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධාන කර තිබූ මෙම විරෝධතාවයේදී අදහස් දැක්වූ එහි ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න.

 
[MP3]s51600_1[/MP3]             

 

රිසානා නෆීක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය ද ලිපියක් පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව සෞදි අරාබිය තුළ ක්‍රියාත්මක ශරියා නීතිය සම්බන්ධයෙන් යෝජනාවක් 22 වන ජිනිවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කළ යුතු බවයි ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය සඳහන් කළේ. මෙම සැසිවාරය පෙබරවාරි මස 25 වැනිදා සිට මාර්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

 

ශරියා නීතියට අනුව මරණ දඩුවම ලබාදීම සහ එය සාධාරණීකරණය කිරීම සඳහා එරට ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදනවලට විරුද්ධව යෝජනාවක් මේ යටතේ ලක් රජය විසින් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබෙනවා. ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් සමඟ එක්ව මෙම යෝජනාව සකස් කර හැකි බවයි එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ. පසුගිය කාලයේ සෞදියේ ක්‍රියාත්මක ශරියා ආගමික නීතියට එල්ලවූ විවේචන නිසා එම නීතිය සාධාරණීකරණය කිරීමට පෙළඹ ඇති බව ද එම වෙබ් අඩවිය ප්‍රකාශ කළා.

 

රිසානා නෆීක්ගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ගොඩනැගීමේ අරමුණින් අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් සහ සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා විසින් මුදල් පරිත්‍යාග සිදුකර තිබෙනවා. රිසානාගේ නිවසට අද පස්වරුවේ ගිය අමාත්‍ය රාවුෆ් හකීම් විසින් රුපියල් ලක්ෂ 5 ක මුදලක් පරිත්‍යාග කළා. මෙහිදී අමාත්‍ය ෆීලික්ස් පෙරේරා ද රුපියල් ලක්ෂ 3 ක මුදලක් රිසානාගේ මවට පරිත්‍යාග කර තිබෙනවා.  

 

මේ අතර, රිසානාට ලබාදුන් මරණ දඩුවමට විරෝධය පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය දිනවල විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබුණා. එම විරෝධතාවන්ට එක්වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සෞදිය තුළ සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමුවිය යුතු බවයි.

 

[MP3]s51600_2[/MP3]    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories