බිංගිරියේ පාසලක 1 වසරට ළමුන් ගැනීමේදී බාලගිරි දෝෂයක්.

Friday, 18 January 2013 - 12:52

%E0%B6%B6%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%A7+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමේ ජාතික දිනය අද වුවද එලෙස පාසලකට ළමයින් ඇතුළත් කර නොගැනීමේ පුවතක් බිංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අද දෙමාපියන් එම විද්‍යාලයට පැමිණ සිටියත් පාසල් බලධාරීන් එම කටයුත්ත සිදුකර නැහැ. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම පාසල ද්වීතියිකකරණ වැඩසටහනට තෝරාගෙන ඇති බැවින් මෙලෙස පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර නොගන්නා බවයි. කෙසේ වෙතත් මීට පෙර විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙම විද්‍යාලය ද්වීතියිකකරණ වැඩසටහනෙන් ඉවත් කළ බවට ප්‍රකාශ කර තිබුණා. බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් දෙමාපියන් පිරිසක් අද (18)එම විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුණා. එහිදී අදහස් දැක්වූ විරෝධතාවයට එක්වූ මාපියන් කිහිපදෙනෙක්.

[MP3]s51654_1[/MP3]

මේ අතර, හලාවත - තුඩුවාව ප්‍රදේශයේ අද පැවති පෙර පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේබණ්ඩාර කියා සිටියේ වර්තමානයේ පළමු ශ්‍රේණියට ඇතුළත්වන දරුවාටද උද්ඝෝෂණ කිරීමට සිදුව ඇති බවයි. මෙම තත්වය වෙනස් කිරීමට ශක්තිමත් විපක්ෂයක් මෙරට නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

[MP3]s51654_2[/MP3]

කෙසේ වෙතත්, මෙම වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද පැවැත්වුණේ ත්‍රිකුණාමලය විද්‍යාලෝක විද්‍යාලයේදීයි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ අද පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන ළමයින්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සියලූදෙනා කැපවී කටයුතු කළ යුතු බවයි.

[MP3]s51654_3[/MP3]

[JPG]51654_1[/JPG]

[JPG]51654_2[/JPG]

[JPG]51654_3[/JPG]

[JPG]51654_4[/JPG]

[JPG]51654_5[/JPG]

[JPG]51654_6[/JPG]

[JPG]51654_7[/JPG]

[JPG]51654_8[/JPG]

[JPG]51654_9[/JPG]

[JPG]51654_10[/JPG]

[JPG]51654_11[/JPG]

[JPG]51654_13[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories