මොරටුවට පෙරටුගාමී ප්‍රහාරයක්. - ඇමති එස්.බී.

Friday, 18 January 2013 - 18:33

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ද සිදුවන ඇතැම් සිදුවීම් යහපත් සහ අයහපත් යන අංශ දෙකටම අයත් වන අවස්ථා දක්නට ලැබෙනවා. එවැනි කටයුතු දෙකක් පිළිබදව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (18) අදහස් දැක්වූවා.

 

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් සිසුන් 6 දෙනෙකු තුවාල ලැබුවා. ඉංජිනේරු පීඨය සහ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා ආයතනයේ සිසුන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම ඇතිවී තිබුණේ. මේ පිළිබදව කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පෙරටුගාමී සමාජවාදී පක්ෂයට චෝදනාවක් ද සිදුකළා. අමාත්‍යවරයා කියා සිටියේ ගැටුමට සම්බන්ධ හඳුනා ගත් සිසුන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන බවයි.

 
[MP3]s51672_1[/MP3]

 

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධනට මාතර - මැද්දවත්ත ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේ පහරදීමක් සිදුව ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කළා. එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර ප්‍රකාශ කළේ මෙය නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරගැනීමට උත්සාහ කරන සිසුන්ට එරෙහිව දියත්වන මර්දනයක් බවයි.

 

[MP3]s51672_2[/MP3]          

 



කෙසේ වෙතත්, අද (18) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය එස්.බී. දිසානායක මෙම සිද්ධිය පිළිබදව මෙලෙස අදහස් පළ කළා.

 
[MP3]s51672_3[/MP3]

 

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙවැනි තත්ත්වයක් දක්නට ලැබෙද්දී 2013 වසරේ පාසල් සිසුන් සඳහා නොමිළේ දිවා ආහාර ලබාදීමේ ජාතික උත්සවය අද (18) ත්‍රිකුණාමලයේ දී පැවැත්වුණා. ත්‍රිකුණාමලය ශ්‍රී මතුමායියාම්බල් විද්‍යාලයේ පැවැති එම උත්සවයේ දී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ මෙම වැඩපිළිවෙල ලෝකයටම ආදර්ශයක් බවයි.

 

[MP3]s51672_4[/MP3]

 

මේ අතර, 2013 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය ද අද ත්‍රිකුණාමලය විද්‍යාලෝක රාජකීය මහා විද්‍යාලයේ දී පැවැත්වුණා. ඒ යටතේ පාසල් 9332කට දරුවන් තුන්ලක්ෂ 35,000ක් ඇතුළත් කර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

 

කෙසේ වෙතත්, පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමේ ජාතික දිනය අද (18) වුවද එලෙස පාසලකට ළමයින් ඇතුළත් කර නොගැනීමේ පුවතක් බිංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අද (18) දෙමාපියන් එම විද්‍යාලයට පැමිණ සිටියත් පාසල් බලධාරීන් එම කටයුත්ත සිදුකර නැහැ. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම පාසල ද්වීතියිකකරණ වැඩසටහනට තෝරාගෙන ඇති බැවින් මෙලෙස පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර නොගන්නා බවයි. ඒ අනුව බිංගිරිය    ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් දෙමාපියන් පිරිසක් අද (18) එම විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුණා. එහිදී අදහස් දැක්වූ විරෝධතාවයට එක්වූ මාපියන් කිහිපදෙනෙක්.

 
[MP3]s51672_5[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories