ඉහළ පහළ කුමන තත්ත්වයේ සිටියත් තරාතිරම නොබලා දූෂිතයන්ට දඬුවම් කිරීමට රජය පසුබට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් රජය ව්‍යවස්ථාවට අනුව ක්‍රියාත්මක වන රජයක් බවයි. නීතියට ගරු කරනවා සේම රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට ද රජය උපරිමයෙන් කැපවී සිටින බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ දික් ඕවිට ධීවර වරාය විවෘත කිරීමේ අවස්ථාවට අද (18) එක්වෙමින්.
[MP3]s51675_1[/MP3]
දකුණු ආසියාවේ විශාලතම ධීවර වරාය වන දික් ඕවිට ධීවර වරාය ඉදිකිරීම සඳහා නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකා රජය එක්ව ප්‍රතිපාදන සපයා තිබෙනවා. ඊට වැය කර ඇති මුදල රුපියල් කෝටි 901ක්. හෙක්ටයාර 19.8ක් පුරා වරාය භූමිය ව්‍යාප්ත වී තිබෙනවා. වරාය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.
[MP3]s51675_2[/MP3]
Follow US
Most Viewed Stories