තවත් එන්.ජී. ඕ. පිරිසක් අත්අඩංගුවට ගැනීමට සොයයි.

Saturday, 19 January 2013 - 7:28

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%A2%E0%B7%93.+%E0%B6%95.+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



අන්තර් ජාලය හරහා විදේශ මුදල් වංචා කළ රාජ්‍ය නොවන සංවිධාන දෙක පිළිබදව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. මෙම රාජ්‍ය නොවන සංවිධාන දෙක රුපියල් මිලියන 263ක මුදලක් එලෙස වංචා කර ඇති බව දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ අනුව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ මෙම රාජ්‍ය නොවන සංවිධාන දෙකෙහි නිලධාරීන් සහ ඊට සහාය වූ පුද්ගලයන් තම පෞද්ගලික කටයුතු වෙනුවෙන් අදාළ මුදල් යොදාගත් බව තහවුරු වී ඇති බවයි. මේ වන විට මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක් විසින් මීට අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ පසුගිය වසරේ අප්‍රේල් 27වන දායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories