මොරටු ගැටුම පරණ ගැටුමක්. - පෙරටුගාමී.

Saturday, 19 January 2013 - 12:40

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහ ජාතික තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර පසුගියදා ඇති වූ ගැටුමට තම පක්ෂය සම්බන්ධ බවට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එල්ල කරන චෝදනා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රතික්ෂේප කරනවා. පසුගිය බදාදා රාත්‍රීයේ ඇති වූ මෙම ගැටුමෙන් සිසුන් 6 දෙනෙකු තුවාල ලැබුවා. එහිදී බරපතල තුවාල ලැබූ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන රොෂාන් සෙනෙවිරත්න නමැති ශිෂ්‍යයා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක ප්‍රකාශ කළේ මෙම ගැටුමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධ වී ඇති බවට තමන් සැකකරන බවයි. අද දිනයේදී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සමග සාකච්ඡාවක් ද පැවැත්වෙන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

[MP3]s51712_1[/MP3]

කෙසේ වෙතත්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ ගැටුම කඩිනමින් විසඳාලීමට බලධාරින් මැදිහත් නොවූ බවයි.


[MP3]s51712_2[/MP3]

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩිගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ සිද්ධියට සම්බන්ධ එක් සිසුවෙකු අත්අඩංගුවට ගෙන දැනටමත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි. එහෙත්, මෙම ගැටුමට දේශපාලන පක්ෂ සම්බන්ධ වී ඇති බවට මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණවලදී හෙළිවී නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. ඔහු තවදුරටත් සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ද  පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. කෙසේ වෙතත්, ස්නායු ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ශිෂ්‍යාගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරී ඇති බවයි කොළඹ ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ සඳහන් කළේ.

[MP3]s51712_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories