තවත් දෝෂාභියෝගයක් ගැන රනිල්ගෙන් හෙළිදරව්වක්.

Saturday, 19 January 2013 - 19:21

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් දෝෂාභියෝගයක් එල්ල වී ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ පිලියන්දල ප්‍රදේශයේ පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට අද (19) එක්වෙමින්.

 

[MP3]s51728_1[/MP3]

 

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් තේරී පත්වී දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ලබන සඳුදා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

 

[MP3]s51728_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories