ඇමෙරිකානු නියෝජිතයින් 03 ක් ලබන සතියේ දිවයිනට.

Saturday, 19 January 2013 - 19:23

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+03+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරුන් 03 දෙනෙකු ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඔවුන් ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි පළමුවැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරය කරන බවයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශක ක්‍රිස් එල්ම්ස් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන එක් සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන්නේ 2006 වසරේ සිට 2009 වසර දක්වා කොළඹ -  ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ ජේන් ආර් මුවර්. දකුණු හා මධ්‍යම ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ජේම්ස්.බී.සිමර්මන් සහ දකුණු හා අග්නිදිග ආසියානු ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්‍රම් ජේ.සිං එලෙස පැමිණෙන අනෙක් සහකාර රාජ්‍ය ලේකම්වරුන් දෙදෙනායි.

 

ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරුන් ශ්‍රි ලංකා චාරිකාවේදී මෙරට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ සිවිල් සමාජ නියෝජිතයන් සමඟ විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති. උගත් පාඩම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ ඊට අනුකූලව සැකසූ ජාතික ක්‍රියාකාරි සැලැස්ම ද එම සාකච්ඡාවලට විෂය වනු ඇති බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශක ක්‍රිස් එල්ම්ස් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

 

[MP3]s51729_1[/MP3]

 

මේ අතර, මාතර ප්‍රදේශයේදී වාණිජ මණ්ඩලය විසින් පසුගියදා සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් මෙරට ඇමෙරිකානු තානාපතිනි මිචෙල් සිසොන් කියා සිටියේ හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ දෝෂාභියෝග ක්‍රියාවලිය මෙරට ආයෝජන කෙරෙහි බලපෑ හැකි කරුණක් විය හැකි බවයි.

 

[MP3]s51729_2[/MP3]

 

මේ අතර, ඇමෙරිකානු තානාපතිනිය මාතරදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (18) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් තමන්ගෙන් විමසන්නේ වෙනත් කරුණක් පිළිබඳව බවයි.

 

[MP3]s51729_3[/MP3]

 

දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට කර ඇති පැහැදිලි කිරීම් පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදයට සෑහීමකට පත්විය නොහැකි බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා වික්ටෝරියා නිවුලන්ඞ් ද මීට පෙර ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊට ප්‍රතිචාර දැක්වූයේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තයි.

 

[MP3]s51729_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories